DEVELOPMENT OFFICERS SERVICE UNION
සංවර්ධන නිලධාරි සේවා සංගමය
அபிவிருத்தி உத்தியோகத்தர் சேவை சங்கம்
The Development Officer Service Union (DOSU) is a professional association representing the interests of development officers in Sri Lanka. we are thrilled to introduce our official website, www.dosuonline.com. Here, we aim to foster a digital hub where our members, supporters, and the wider community can connect, engage, and stay informed about our mission, activities, and advocacy efforts. From resources on professional development to updates on our initiatives, events, and campaigns, DOSU Online serves as a centralized platform for empowering development officers and advancing our collective goals. Join us in shaping a brighter future for our profession and the communities we serve..
0/9073
Follow Us

WHATSAPP

FACEBOOK

YOUTUBE

CALL

APP

Recent News
ඔබේ ගැටළුවට සහනයක්
ස්ථාන මාරු
කඩයිම් විභාගයට අත්වැලක්
අභිමානවත් වෘත්තියක් දිනා ගැනීමට පෙළගැසෙමු !
Login to Your account
රාජ්‍ය භාෂා පාඨමාලාවට
අණ පනත්/චක්‍රලේඛ
අදහස්/යෝජනා/මතවාද
සේවා ශ්‍රේණි භේද එපා, රාජ්‍ය, රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයින්ට රු. 25000 ක දීමනාව ලබා දෙනු! රාජ්‍ය සේවකයෝ ජූලි 8-9 අසනීප වෙයි
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ සියලු සේවකයින්ට විශාල වෘත්තීය ගැටළු ගණනාවක් තියෙනවා. ඒවා විසදාගත යුතුයි. නමුත් මේ මොහොතේ මාසික වැටුප් ලබන අය ලෙස අපි කාටත් මේ වැටුපෙන් ජීවත් වෙන්න බැරිවෙලා තියෙනවා. භාණ්ඩ හා සේවා මිල 300% - 400% වැඩි කරලා ආණ්ඩුව ජනතාවට ගහන්න පුළුවන් තරමක් බදු ගහනවා. පාලකයින් ඇති කරන පීඩනය දරාගන්න වෙලා තියෙන්නේ වැඩ කරන ජනතාවට හා පොදු ජනතාවට. ඇයි අපි මේ ජූලි 08/09 ක්‍රියාමාර්ගය ගන්නේ ආණ්ඩව විධායක සේවයේ ශ්‍රේණි වලට පමණක් රු.25000/- දීමනාවක් ජුලි සිට දෙන්න තීරණය කළා. පොදු රාජ්‍ය සේවකයින් අමතක කරලා, නොසලකා හැරලා. ප්‍රාථමික සේවයේ ඉදලා විධායක සේවය දක්වා සියලු අයට භාණ්ඩ හා සේවා සඳහා ගෙවන්න වෙන්නේ එකම මිල. හෙමින් ආණ්ඩුව ඒ ගැන තැකීමක් නොකර විධායක ශ්‍රේණියට පමණක් රු. 25000/- ක් දෙනවා ඒ බර අඩු කරගන්න. අපි ඉල්ලන්නේ මොකක්ද? අපි කියන්ගේ විධායක ශ්‍රේණියට පමණක් ලබා දීමට තීරණය කළ රු. 25 000/- ක දීමනාව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ සියලු අයට ලබා දෙන්න කියන එක. සියලු රාජ්‍ය සේවකයින්ට ජීවත්වීම වෙනුවෙන් සේවා ශ්‍රේණි භේදයකින් තොරව යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන්න කියලා. ජූලි 08 සහ 09 කොහොමද කරන්නේ? දින 02 ම අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීම තමයි ක්‍රියාමාර්ගය. අසනිප නිවාඩු වාර්තා කළ යුතු විදිහ රා. ප. චක්‍රලේඛ 24/2013 හි සඳහන් වෙනවා ඒ අනුව නිවාඩු දැනුම් දෙමු. ඒ වගේම ජූලි 08 කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක ඒකාද්ධව දවල් 12 ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදීත්, ජූලි 09 සෙසු දිස්ත්‍රික්ක උදේ 10 ට නම් කර ඇති ස්ථානවල උද්ඝෝෂණ පැවැත්වෙනවා. ඔබ පදිංචිය අනුව දිස්ත්‍රික්කයේ උද්ඝෝෂණයට එකතු වෙන්න. අදාළ ඉල්ලීම් ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ජුලි 09 න් පසු යළි සාකච්ඡාවක් කර තීරණ ගැනීමට සූදානම් බව ද පහත සඳහන් වෘත්තීය සමිති ලෙස රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව දන්වා සිටිමු.
සංවර්ධන නිලධාරි සේවයේ කාර්යක්ෂම විභාග ප්‍රතිඵල තවම නිකුත් කරන නැහැ
සංවර්ධන නිලධාරී සේවයේ iii වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩයිම් විභාග ප්‍රතිඵල මෙතෙක් ලබා නොදීම සම්බන්ධව සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ, එම විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර දීමට අදාළ අංශ වෙත මැදිහත් වන කරවන ලෙසයි. එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2019.11.30 දින සංවර්ධන නිලධාරී සේවයේ උක්ත සඳහන් විභාගය පවත්වන ලදි. 2012 වර්ෂයේ අභ්යාසලාභී පුහුණුවට ඇතුළත්ව 2013 වර්ෂයේ සිට ස්ථීර පත්වීම් ලද නිලධාරීන්ගේ සේවා කාලය වසර 08 ක් ඉක්මවා ඇත. පත්වීම් ස්ථීර කර වසර 03ක් ඇතුළත කාර්යක්ෂමතා කඩයිම් විභාගවාර 06ක් පවත්වා අවසන් කළ යුතුව ඇතත් 4 වන කාර්යක්ෂමතා කඩයිම් විභාග වාරය පැවැත්වූයේ 2019.11.30 වන දිනය. 2020.03.20 සිට රට Covid-19 වෛරස් වසංගතය හේතුවෙන් මැයි මාසය දක්වා මාස 03කට ආසන්න කාලයක් රාජ්ය සේවය අඩපණව තිබූ බව සත්යයකි. පැවති වසංගත තත්වයන් යටතේ වූ ප්රමාදයන් සඳහා වන සාධාරණ කාලයක් මේ වන විට ගතවී ඇතත් අදාළ විභාග ප්රතිඵල නිකුත් නොකිරීම ගැටළු නිර්මාණය කරන්නකි. විභාග පැවැත්වීමේ ප්‍රමාදය, ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදය මත සංවර්ධන නිලධාරී සේවයට අයත් ii වන හා iii ශ්‍රේණියේ විශාල නිලධාරීන් ප්රමාණයක් දැඩි අපහසුතාවකට පත්ව ඇත. iii ශ්‍රේණියේ නිලධාරීන්ට අදාළ 2019 නොවැම්බර් 30 වන දින පැවැත් වූ උක්ත විභාගයේ ප්‍රතිඵල මෙතෙක් ලබා නොදීම හේතුවෙන් වසර 08 කට ආසන්න සේවා කාලයක් ගෙවා ඇතත් පත්වීම් ස්ථීර නොවීම. පත්වීම් ස්ථීර නොවීම නිසා රාජ්‍ය සේවය තුළ අහිමි වන විවිධ හිමිකම් අහිමි වීම හා රාජ්‍ය සේවය තුළ අදාළ නිලධාරීන් මානසික පීඩාවකට ලක්වීම. ඉහළ අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කර රාජ්‍ය සේවයේ පත්වීම් සඳහා පත්වන රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂම කර ගැනීම සඳහා මෙවැනි අකාර්යක්ෂමව කාර්යක්ෂමතා කඩඉම් විභාග පවත්වනවා වෙනුවට වෙනත් ප්රායෝගික විද්යාත්මක ක්රමවේද පිළිබඳ රජයේ අවධානය යොමු කරන්නේ නම් මැනවි. උක්ත දින පවත්වන ලද විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර දීමට අදාළ අංශ වෙත මැදිහත් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබාදෙන්න
කොවිඩ් අවධානම් තත්වය යටතේ අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු සියලූ රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබා දෙන මෙන් අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි අද (18) පැවැසීය. අදාල ලිපියෙහි පිටපත් ජනාධිපතිවරයාට මෙන්ම, චමල් රාජපක්ෂ , ජනක බණ්ඩාර තෙත්නකෝන් , නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් වෙත රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් , මුදල් අමාත්‍යාංශ්‍යයේ ලේකම් ඇතුළු බලධාරීන් වෙතද යැවූ බව හෙතම කියයි.
රටපුරා සංවර්ධන නිලධාරීන් අද අසනීප වෙයි
සංවර්ධන නිලධාරි iii ශ්‍රේණියේ හා ii ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග ප‍්‍රතිඵල ගැටළුව වහා විසඳන ලෙසත්, මුලික ක‍්‍රමවේදයන් උල්ලංඝනය කරමින් නිකුත් කර ඇති විභාග ප‍්‍රතිඵල සඳහා නැවත සමීක්ෂණ අවස්ථාව ලබාදෙන ලෙසත් බලකරමින් රටපුරා සංවර්ධන නිලධාරීන් අද(08) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතව ඇත. සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පවසා සිටියේ ඊට සමගාමීව අද පෙරවරු 11.00 ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් ද පවත්වන බවය. සංවර්ධන නිලධාරී සේවය සඳහා වෘත්තීය සමිතිය මගින් යෝජනා කර ඇති විෂය වෙන්කිරීම හා තනතුරු උසස්වීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත්, දෙවන භාෂා ප‍්‍රවීණතාවය සඳහා අනුමත පාඨමාලා ක‍්‍රමය සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය වහා ලබාදෙන ලෙසත්, උපකාරක පන්ති ගුරුවරුන්ගේ ආදායම් මාර්ගයක් බවට පත්කර ඇති කාර්යක්‍ෂමතා කඩඉම් විභාගය පෙර පැවති ආකාරයට පවත්වන ලෙසත් සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් අතර වේ.
සංවර්ධන නිලධාරීන් පිළිගැනීමේ නිලධාරී රාජකාරියට ?
සංවර්ධන නිලධාරීන් විවිධ අමාත්‍යංශවල පිළිගැනීමේ නිලධාරී කවුළුවලට අනියුක්ත කර ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසනවා. ඔවුන් එකී අමාත්‍යංශ වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ උපාධීධාරීන් වන සංවර්ධන නිලධාරීන් මෙලෙස පිලිගැනීමේ නිලධාරීන් ලෙස සේවයේ යෙදවීම අනුමත කල නොහැකි බවයි.
“නාඩගම්කාරයින්ට” රාජ්‍ය සේවයෙන් දැඩි විරෝධයක් ?
ජනප්‍රිය ටෙලි නාට්‍යයකින් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන්ට අපහාසයක් සිදුව ඇති බව පවසමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය රජයට පැමිණිලි කර තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා ‌එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයටයි චන්දන සූරියආරච්චි මහතා මෙම චෝදනාව එල්ල කර තිබෙන්නේ. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකළ එම ලිපිය පහතින් දැක්වෙයි.
රාජ්‍ය සේවක වරප්‍රසාධ කප්පාදු කරලා…
සංවර්ධන නිලධාරීන්ගේ අයිතිවාසිකම් ලබාදීම තවදුරටත් සිදුනොකරන්නේ නම් දැවැන්ත අරගලයකට අවතීර්ණ වන බව වෘත්තීය සමිති පවසනවා. සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ, 2012 වසරේ යෝජනා වූ සංවර්ධන නිලධාරී සේවය මේ දක්වා ස්ථාපිත කිරීමට පාලකයින් පියවර ගෙන නොමැති බවයි. එමෙන්ම සංවර්ධන නිලධාරී රාජකාරී අර්ථ නිරූපණ බලගැන්වෙන අණපනත් සකස් කිරීමද දිනෙන් දින ප්‍රමාද කරමින් සිටින බවටද ඔහු චෝදනා කළා. එම්.එන් 05 සහ එම්.එන් 07 යන උසස්වීම් පටිපාටි ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුවලින්ද ආණ්ඩුව වසරින් වසර මග හරිමින් සිටින බවද පැවැසූ සූරියආරච්චි මහතා පෙන්වා දෙන්නේ විවිධ කාරණා හා රටේ පවතින තත්ත්වයන් ඉදිරියට දමමින් අදාල වරප්‍රසාධ ලබාදීම ආණ්ඩුව ප්‍රමාද කරමින් සිටින බවයි. රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ට ජීවත්වීමට සරිලන දීමනාවක් ලබාදීමට පියවර ගන්නා ලෙසද ඔහු රජයට බලකර සිටිනවා. මේ තත්ත්වයන් මත පදනම්ව ඉදිරියේ දැවැන්ත අරගලයක් වෙත අවතීර්ණ වන බවයි සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කළේ.
සංවර්ධන නිලධාරී සේවා සංගමය එක්දින සංඛේත වැඩ වර්ජනයක
සිය වෘත්තීය ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති චන්දන සුරියආරච්චි මහතා සඳහන් කළේ හෙට (12) දිනය තුළ මෙම වැඩවර්ජනය ක්‍රිත්මක කරන බවයි.

සාමුහිකත්වය

The desire to connect easily

Register

නායකත්වය

The desire to explore

Register

විශ්වාසනීයත්වය

The desire to be in a relationship

Register

කැපවීම

The desire to get involved beyond limits

Register

ආදර්ශය

The desire to experience speed

Register
Contact Us
Logo

සංවර්ධන නිලධාරි සේවා සංගමය

අංක 10,
නගර සභා පටුමඟ,
දෙහිවල.
ශ්‍රි ලංකා.


geusrilanka@gmail.com


0112720218

දිස්ත්‍රික් නියෝජිතයින්ගේ සම්බන්ධිකරණ තොරතුරු ලබාගැනීම සඳහා ඔබගේ දිස්ත්‍රික්කය මත Click කරන්න