සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සදහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකස් කිරීම හා වෘත්තීයභාවය ඉහල නැංවීම සදහා ජාතික ප්‍රතිපත්තියක්

සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සදහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකස් කිරීම හා වෘත්තීයභාවය ඉහල නැංවීම සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමට රජය සූදානමක... සාමාන්‍යයෙන් සිදුවන්නේ වැටුප් කොමිෂමක් දැමීම.නමුත් මෙවර ආණ්ඩුවේ අදහස වැටුප් විෂමතා හෝ වැටුප් ගැටළු විසදීමට පමණක් සීමා නොකර වෘතීයභාවය ඉහල නැංවීම සදහා ද විසදුම් සෙවීමයි. කොමිෂමක් පත්කිරීමට පෙර ඒ සදහා වන පුලුල් පරාසයන් පිළිබදව අවධානය යොමු කරමින් කොමිෂම ආවරණය කල යුතු කේෂත්‍රය න් හදුනා ගැනීමවෙනුවෙන් පාර්ලිමේන්තු අනු කමිටුවක් පත්කලා.රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනු කමිටුව පත්කලා අනු කමිටුව . උපදේශක සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පත්කලා.එහි සභාපතිවරයා වශයෙන් ⁣මේ වන විට කමිටුවාර 03 ක් පවත්වා ඇත.

Latest News

News

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමඟ සංවර්ධන නිලධාරි ගැටළු විසදන්න සාකච්ඡාවක්

News

සංවර්ධන නිලධාරි සේවයේ කාර්යක්ෂම විභාග ප්‍රතිඵල තවම නිකුත් කරන නැහැ

News

රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබාදෙන්න

News

රටපුරා සංවර්ධන නිලධාරීන් අද අසනීප වෙයි

News

සංවර්ධන නිලධාරීන් පිළිගැනීමේ නිලධාරී රාජකාරියට ?

News

“නාඩගම්කාරයින්ට” රාජ්‍ය සේවයෙන් දැඩි විරෝධයක් ?

Union Articles

Post Thumbnail

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමඟ සංවර්ධන නිලධාරි ගැටළු විසදන්න සාකච්ඡාවක්

රාජ්‍ය පරිපාලන ගරු අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරිආරච්චි (සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම්), ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිදු සමන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්, ඒකාබද්ධසේවා අධ්‍යක්ෂ ජනරාල්, ආයතන අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සංවර්ධන සේවා සංගමයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී 2025.07.23 දින පවත්වන ලද රැස්වීමේදී පහත සඳහන් එකඟතා හා තීරණවලට එළබුණි.

Post Thumbnail

ආයතනවල පුරප්පාඩු ‌නැතිව බඳවා ගත් සංවර්ධන නිලධාරීන් 49,500: ‌අතිරික්ක සංවර්ධන නිලධාරීන් ග්‍රාම නිලධාරී වසම්වල පුරප්පාඩු සඳහා

අමාත්‍යාංශ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරී වසම්වල පවතින සංවර්ධන නිලධාරී පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 2021 සහ 2022 වර්ෂවලදී සංවර්ධන නිලධාරීන් 49,500 දෙනෙකු බඳවා ගෙන ආයතන සඳහා අනුයුක්ත කිරීම හරහා, එම ආයතනවල සංවර්ධන නිලධාරි තනතුරුවල අතිරික්තයක් ඇති වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ. එමෙන්ම බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ, එම තනතුරු අනුමත කිරීම, රාජකාරි පැවරීම සහ ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද මේ වනවිට ගැටලු මතු වී ඇති බවයි. එම නිසා ඊට පිළියමක් ලෙස කාර්යාලගත සේවයේ යෙදී සිටින අතිරික්ත සංවර්ධන නිලධාරින් අතරින් සුදුසු නිලධාරින් හඳුනාගෙන ග්‍රාම නිලධාරි වසම්වල පවතින සංවර්ධන නිලධාරි පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීමට සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පවරා දී ඇති බවයි. සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාවට අනුව අනුමත සේවක සංඛ්‍යාව 45,000ක්. එහෙත් 2021 සහ 2022 වර්ෂවලදී මෙලෙස සංවර්ධන නිලධාරින් 49,500 දෙනෙකු බඳවා ගනු ලැබුවේ අදාළ ආයතනවල පුරප්පාඩු තිබියදී නොවන බවද බණ්ඩාර මහතා අනාවරණ කළා. ඒ අනුව සංවර්ධන නිලධාරි සේවා සංගමය පවසන ආකාරයට දැනට මෙම සංවර්ධන නිලධාරින් 49,500 දෙනාම අතිරික්ත සේවකයින්. එම සංගමය දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියේ මෙලෙස බඳවා ගත් සංවර්ධන නිලධාරින්ට අසාධාරණයක් සිදුවන බැවින් අනුමත සේවක සංඛ්‍යාව ඉහළ දමන ලෙසයි. එහෙත් කිසිදු බලධාරියෙක් මෙතක් ඊට විසඳුමක් නොදුන් බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කළා.

Post Thumbnail

රජයේ පාසල්වලට අනුයුක්ත සංවර්ධන නිලධාරි ගැටළුවට විසඳුමක්

019 වර්ෂයේ දී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් 23,000ක පිරිසකගෙන් 7,000ක් පමණ දැනටමත් පළාත් මට්ටමින් ගුරු සේවයට බඳවා ගෙන ඇති බව අධ්‍යාපන අමත්‍යාංශය පවසනවා. ඉතිරි 16,000ක් පමණ වන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු නිසා ප්‍රමාද වූ බව සඳහන්. එහෙත් මෙම ප්‍රශ්නය කඩිනමින් විසඳීම සඳහා පාර්ශව සමඟ එකඟතාවක් ඇති කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදුව රාජ්‍ය සේවා කොමිසමේ නිරීක්ෂණ සැලකිල්ලට ගෙන එම නිරීක්ෂණ සතියක් තුළ නැවත සලකා බැලීමට දන්වා යැවීමටත් තීරණය වු අතර ජනාධිපතිවරයා විසින් මෙම ගැටළුව විසඳන බවටත් දන්වා ඇති බව සඳහන් ඒ අනුව කඩිනමින් මේ ගැටළුව විසඳා ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.

Post Thumbnail

සංවර්ධන නිලධාරී සේවයේ II වන හා III වන කාර්යක්ෂමතා විභාගයේ ප්‍රථිඵල ලේඛණ නිකුත් කෙරේ

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් 2024 ජුනි 30 දින පවත්වන ලද සංවර්ධන නිලධාරී සේවයේ II වන හා III වන කාර්යක්ෂමතා විභාගයේ ප්‍රථිඵල ලේඛණ නිකුත් කර තිබේ. විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වේබ් අඩවිය හරහා පරීක්ෂා කිරීමේ පහසුකම් සලසා ඇතැයි එම ආයතනය නිවේදනය කරයි. එම නිවේදනය පහත දැක් වේ.

Post Thumbnail

සංවර්ධන නිලධාරි සේවයේ කාර්යක්ෂම විභාග ප්‍රතිඵල තවම නිකුත් කරන නැහැ

සංවර්ධන නිලධාරී සේවයේ iii වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩයිම් විභාග ප්‍රතිඵල මෙතෙක් ලබා නොදීම සම්බන්ධව සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ, එම විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර දීමට අදාළ අංශ වෙත මැදිහත් වන කරවන ලෙසයි. එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2019.11.30 දින සංවර්ධන නිලධාරී සේවයේ උක්ත සඳහන් විභාගය පවත්වන ලදි. 2012 වර්ෂයේ අභ්යාසලාභී පුහුණුවට ඇතුළත්ව 2013 වර්ෂයේ සිට ස්ථීර පත්වීම් ලද නිලධාරීන්ගේ සේවා කාලය වසර 08 ක් ඉක්මවා ඇත. පත්වීම් ස්ථීර කර වසර 03ක් ඇතුළත කාර්යක්ෂමතා කඩයිම් විභාගවාර 06ක් පවත්වා අවසන් කළ යුතුව ඇතත් 4 වන කාර්යක්ෂමතා කඩයිම් විභාග වාරය පැවැත්වූයේ 2019.11.30 වන දිනය. 2020.03.20 සිට රට Covid-19 වෛරස් වසංගතය හේතුවෙන් මැයි මාසය දක්වා මාස 03කට ආසන්න කාලයක් රාජ්ය සේවය අඩපණව තිබූ බව සත්යයකි. පැවති වසංගත තත්වයන් යටතේ වූ ප්රමාදයන් සඳහා වන සාධාරණ කාලයක් මේ වන විට ගතවී ඇතත් අදාළ විභාග ප්රතිඵල නිකුත් නොකිරීම ගැටළු නිර්මාණය කරන්නකි. විභාග පැවැත්වීමේ ප්‍රමාදය, ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදය මත සංවර්ධන නිලධාරී සේවයට අයත් ii වන හා iii ශ්‍රේණියේ විශාල නිලධාරීන් ප්රමාණයක් දැඩි අපහසුතාවකට පත්ව ඇත. iii ශ්‍රේණියේ නිලධාරීන්ට අදාළ 2019 නොවැම්බර් 30 වන දින පැවැත් වූ උක්ත විභාගයේ ප්‍රතිඵල මෙතෙක් ලබා නොදීම හේතුවෙන් වසර 08 කට ආසන්න සේවා කාලයක් ගෙවා ඇතත් පත්වීම් ස්ථීර නොවීම. පත්වීම් ස්ථීර නොවීම නිසා රාජ්‍ය සේවය තුළ අහිමි වන විවිධ හිමිකම් අහිමි වීම හා රාජ්‍ය සේවය තුළ අදාළ නිලධාරීන් මානසික පීඩාවකට ලක්වීම. ඉහළ අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කර රාජ්‍ය සේවයේ පත්වීම් සඳහා පත්වන රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂම කර ගැනීම සඳහා මෙවැනි අකාර්යක්ෂමව කාර්යක්ෂමතා කඩඉම් විභාග පවත්වනවා වෙනුවට වෙනත් ප්රායෝගික විද්යාත්මක ක්රමවේද පිළිබඳ රජයේ අවධානය යොමු කරන්නේ නම් මැනවි. උක්ත දින පවත්වන ලද විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර දීමට අදාළ අංශ වෙත මැදිහත් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Post Thumbnail

රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබාදෙන්න

කොවිඩ් අවධානම් තත්වය යටතේ අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු සියලූ රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබා දෙන මෙන් අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි අද (18) පැවැසීය. අදාල ලිපියෙහි පිටපත් ජනාධිපතිවරයාට මෙන්ම, චමල් රාජපක්ෂ , ජනක බණ්ඩාර තෙත්නකෝන් , නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් වෙත රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් , මුදල් අමාත්‍යාංශ්‍යයේ ලේකම් ඇතුළු බලධාරීන් වෙතද යැවූ බව හෙතම කියයි.

Post Thumbnail

රටපුරා සංවර්ධන නිලධාරීන් අද අසනීප වෙයි

සංවර්ධන නිලධාරි iii ශ්‍රේණියේ හා ii ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග ප‍්‍රතිඵල ගැටළුව වහා විසඳන ලෙසත්, මුලික ක‍්‍රමවේදයන් උල්ලංඝනය කරමින් නිකුත් කර ඇති විභාග ප‍්‍රතිඵල සඳහා නැවත සමීක්ෂණ අවස්ථාව ලබාදෙන ලෙසත් බලකරමින් රටපුරා සංවර්ධන නිලධාරීන් අද(08) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතව ඇත. සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පවසා සිටියේ ඊට සමගාමීව අද පෙරවරු 11.00 ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් ද පවත්වන බවය. සංවර්ධන නිලධාරී සේවය සඳහා වෘත්තීය සමිතිය මගින් යෝජනා කර ඇති විෂය වෙන්කිරීම හා තනතුරු උසස්වීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත්, දෙවන භාෂා ප‍්‍රවීණතාවය සඳහා අනුමත පාඨමාලා ක‍්‍රමය සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය වහා ලබාදෙන ලෙසත්, උපකාරක පන්ති ගුරුවරුන්ගේ ආදායම් මාර්ගයක් බවට පත්කර ඇති කාර්යක්‍ෂමතා කඩඉම් විභාගය පෙර පැවති ආකාරයට පවත්වන ලෙසත් සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් අතර වේ.

Post Thumbnail

සංවර්ධන නිලධාරීන් පිළිගැනීමේ නිලධාරී රාජකාරියට ?

සංවර්ධන නිලධාරීන් විවිධ අමාත්‍යංශවල පිළිගැනීමේ නිලධාරී කවුළුවලට අනියුක්ත කර ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසනවා. ඔවුන් එකී අමාත්‍යංශ වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ උපාධීධාරීන් වන සංවර්ධන නිලධාරීන් මෙලෙස පිලිගැනීමේ නිලධාරීන් ලෙස සේවයේ යෙදවීම අනුමත කල නොහැකි බවයි.

Post Thumbnail

“නාඩගම්කාරයින්ට” රාජ්‍ය සේවයෙන් දැඩි විරෝධයක් ?

ජනප්‍රිය ටෙලි නාට්‍යයකින් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන්ට අපහාසයක් සිදුව ඇති බව පවසමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය රජයට පැමිණිලි කර තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා ‌එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයටයි චන්දන සූරියආරච්චි මහතා මෙම චෝදනාව එල්ල කර තිබෙන්නේ. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකළ එම ලිපිය පහතින් දැක්වෙයි.

Post Thumbnail

රාජ්‍ය සේවක වරප්‍රසාධ කප්පාදු කරලා…

සංවර්ධන නිලධාරීන්ගේ අයිතිවාසිකම් ලබාදීම තවදුරටත් සිදුනොකරන්නේ නම් දැවැන්ත අරගලයකට අවතීර්ණ වන බව වෘත්තීය සමිති පවසනවා. සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ, 2012 වසරේ යෝජනා වූ සංවර්ධන නිලධාරී සේවය මේ දක්වා ස්ථාපිත කිරීමට පාලකයින් පියවර ගෙන නොමැති බවයි. එමෙන්ම සංවර්ධන නිලධාරී රාජකාරී අර්ථ නිරූපණ බලගැන්වෙන අණපනත් සකස් කිරීමද දිනෙන් දින ප්‍රමාද කරමින් සිටින බවටද ඔහු චෝදනා කළා. එම්.එන් 05 සහ එම්.එන් 07 යන උසස්වීම් පටිපාටි ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුවලින්ද ආණ්ඩුව වසරින් වසර මග හරිමින් සිටින බවද පැවැසූ සූරියආරච්චි මහතා පෙන්වා දෙන්නේ විවිධ කාරණා හා රටේ පවතින තත්ත්වයන් ඉදිරියට දමමින් අදාල වරප්‍රසාධ ලබාදීම ආණ්ඩුව ප්‍රමාද කරමින් සිටින බවයි. රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ට ජීවත්වීමට සරිලන දීමනාවක් ලබාදීමට පියවර ගන්නා ලෙසද ඔහු රජයට බලකර සිටිනවා. මේ තත්ත්වයන් මත පදනම්ව ඉදිරියේ දැවැන්ත අරගලයක් වෙත අවතීර්ණ වන බවයි සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කළේ.