සංවර්ධන නිලධාරි සේවයේ කාර්යක්ෂම විභාග ප්‍රතිඵල තවම නිකුත් කරන නැහැ

Featured Image

සංවර්ධන නිලධාරී සේවයේ iii වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩයිම් විභාග ප්‍රතිඵල මෙතෙක් ලබා නොදීම සම්බන්ධව සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ, එම විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර දීමට අදාළ අංශ වෙත මැදිහත් වන කරවන ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2019.11.30 දින සංවර්ධන නිලධාරී සේවයේ උක්ත සඳහන් විභාගය පවත්වන ලදි.

2012 වර්ෂයේ අභ්යාසලාභී පුහුණුවට ඇතුළත්ව 2013 වර්ෂයේ සිට ස්ථීර පත්වීම් ලද නිලධාරීන්ගේ සේවා කාලය වසර 08 ක් ඉක්මවා ඇත.

පත්වීම් ස්ථීර කර වසර 03ක් ඇතුළත කාර්යක්ෂමතා කඩයිම් විභාගවාර 06ක් පවත්වා අවසන් කළ යුතුව ඇතත් 4 වන කාර්යක්ෂමතා කඩයිම් විභාග වාරය පැවැත්වූයේ 2019.11.30 වන දිනය.

2020.03.20 සිට රට Covid-19 වෛරස් වසංගතය හේතුවෙන් මැයි මාසය දක්වා මාස 03කට ආසන්න කාලයක් රාජ්ය සේවය අඩපණව තිබූ බව සත්යයකි. පැවති වසංගත තත්වයන් යටතේ වූ ප්රමාදයන් සඳහා වන සාධාරණ කාලයක් මේ වන විට ගතවී ඇතත් අදාළ විභාග ප්රතිඵල නිකුත් නොකිරීම ගැටළු නිර්මාණය කරන්නකි.

විභාග පැවැත්වීමේ ප්‍රමාදය, ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදය මත සංවර්ධන නිලධාරී සේවයට අයත් ii වන හා iii ශ්‍රේණියේ විශාල නිලධාරීන් ප්රමාණයක් දැඩි අපහසුතාවකට පත්ව ඇත. iii ශ්‍රේණියේ නිලධාරීන්ට අදාළ 2019 නොවැම්බර් 30 වන දින පැවැත් වූ උක්ත විභාගයේ ප්‍රතිඵල මෙතෙක් ලබා නොදීම හේතුවෙන් වසර 08 කට ආසන්න සේවා කාලයක් ගෙවා ඇතත් පත්වීම් ස්ථීර නොවීම.

පත්වීම් ස්ථීර නොවීම නිසා රාජ්‍ය සේවය තුළ අහිමි වන විවිධ හිමිකම් අහිමි වීම හා රාජ්‍ය සේවය තුළ අදාළ නිලධාරීන් මානසික පීඩාවකට ලක්වීම.

ඉහළ අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කර රාජ්‍ය සේවයේ පත්වීම් සඳහා පත්වන රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂම කර ගැනීම සඳහා මෙවැනි අකාර්යක්ෂමව කාර්යක්ෂමතා කඩඉම් විභාග පවත්වනවා වෙනුවට වෙනත් ප්රායෝගික විද්යාත්මක ක්රමවේද පිළිබඳ රජයේ අවධානය යොමු කරන්නේ නම් මැනවි.

උක්ත දින පවත්වන ලද විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර දීමට අදාළ අංශ වෙත මැදිහත් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

← Back to All Posts