රාජ්‍ය පරිපාලන ගරු අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරිආරච්චි (සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම්), ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිදු සමන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්, ඒකාබද්ධසේවා අධ්‍යක්ෂ ජනරාල්, ආයතන අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සංවර්ධන සේවා සංගමයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී 2025.07.23 දින පවත්වන ලද රැස්වීමේදී පහත සඳහන් එකඟතා හා තීරණවලට එළබුණි.
01. මධ්‍යම රජයේ හා පළාත් රාජ්‍ය සේවයේ සිටින MN 4 සියලුම උපාධිධාරින් සඳහා MN 5, MN 7 දක්වා වූ උසස් වීම් පටිපාටියක් සකසා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට අවශය කටයුතු සිදුකරන ලෙස අමාත්‍යවරයා විසින් රාජ්‍ය පරිපාලන ලේකම් වෙත උපදෙස් ලබාදෙන ලදි.
02. ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ කාර්යාල දීමනාව, ගමන් වියදම් හා ලිපිද්‍රව්‍ය දීමනාවට අදාළ ප්‍රතිපාදන 2026 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු සඳහා ඉදිරිපත් කිරීමට තීරණය විය. තවද 2025 වසරේ ඉදිරි මාස 05 වෙනුවෙන් ගමන් වියදම් දීමනාව ලබාදීමට ඇති හැකියාව සොයා බැලීමටත් එසේ ගෙවීමට හැකිනම් ඒ අනුව ගෙවීම් කිරීමටත් එකඟ විය.
03. 2025.06.03 දින පැවති සාකච්ඡාවේදී වැඩබැලීමේ දීමනාව ගෙවීම ක්‍රියාත්මක කිරිමට තීරණය වුවත් ඇතැම් දිස්ත්‍රික්ක වල වැඩබැලීම සඳහා ගෙවීම් සිදුනොවන බවට කරුණු පැහැදිළි වු බැවින් දිස්ත්‍රික් මට්ටමෙන් අදාල තොරතුරු ප්‍රමාදයකින් තොරව අමාත්‍යාංශය වෙත ලබාදිමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම් වරුන්ට නැවත ලිඛිතව දැනුම්දීමට තීරණය විය.
04. වසම් වල සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීන්ව ඇතැම් ප්‍රාදේශීය ලෙකම්වරු අත්තනෝමතික ලෙස කාර්යාල වෙත කැඳවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බැවින් ඒ පිළිබඳව සොයා බලා කඩිනමින් එවැනි සිදුවීම් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
05. 1994 හා 1999 වසර වල බඳවාගත් උපාධිධාරීන් 1වන ශ්‍රේණියට උසස් කිරීමට අදාල රාජ්‍යසේවා කොමිෂන් සභාවේ (PSC) අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දුන් අතර, ඒ සඳහා ක්‍රමවේදයක් සකස්කර ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කරන ලෙසට ගරු අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්, ඒකබද්ධසේවා අධ්‍යක්ෂ ජනරාල්, ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබා දෙන ලදී.
06. සංවර්ධන නිලධාරි සේවයේ I, II හා III ශ්‍රේණිවල කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2025 සැප්තැම්බර්/ඔක්තොම්බර් යන මාසවලදී පැවැත්වීමට හැකියාව පවතින බවත්, ඒ අනුව කටයුතු කරන බවත් අමාත්‍යාංශ ලේකම් විසින් දන්වන ලදි.
07. 2013 වර්ෂයේ සිට අත්හිටුවා ඇති විශේෂ ඇගයුම් විභාග ක්‍රමය (Special fast Track) යලි ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීමට තිරණය කරන ලදි.
08. 2019, 2020 හා 2021 යන වර්ෂවල දී බඳවාගත් සංවර්ධන නිලධාරීන්ගේ ස්ථිර පත්වීම් ලිපි නිකුත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ගරු අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ නිලධාරින් වෙත උපදෙස් ලබා දෙන ලදී.
09. 2025.06.03 දින සිදුකරන ලද සාකච්ඡාවේ ගත් තිරණයට අනුව 2026 වර්ෂයේ සිට වසම්වලට අයත් ආර්ථික සංවර්ධන නිලධාරීන් සඳහා වන අභ්‍යන්තර ස්ථානමාරු ක්‍රියාවලීයක් ක්‍රියාත්මක කිරිමටත් වාර්ෂික ස්ථානමාරු අයදුම්පත් කැදවීමේදී ඒ පිළිබඳව උපදෙස් නිවැරදිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ගරු අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ නිලධාරින් වෙත උපදෙස් ලබා දෙන ලදී.