රාජ්‍ය සේවක වරප්‍රසාධ කප්පාදු කරලා…

Featured Image

සංවර්ධන නිලධාරීන්ගේ අයිතිවාසිකම් ලබාදීම තවදුරටත් සිදුනොකරන්නේ නම් දැවැන්ත අරගලයකට අවතීර්ණ වන බව වෘත්තීය සමිති පවසනවා. සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ, 2012 වසරේ යෝජනා වූ සංවර්ධන නිලධාරී සේවය මේ දක්වා ස්ථාපිත කිරීමට පාලකයින් පියවර ගෙන නොමැති බවයි.

එමෙන්ම සංවර්ධන නිලධාරී රාජකාරී අර්ථ නිරූපණ බලගැන්වෙන අණපනත් සකස් කිරීමද දිනෙන් දින ප්‍රමාද කරමින් සිටින බවටද ඔහු චෝදනා කළා. එම්.එන් 05 සහ එම්.එන් 07 යන උසස්වීම් පටිපාටි ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුවලින්ද ආණ්ඩුව වසරින් වසර මග හරිමින් සිටින බවද පැවැසූ සූරියආරච්චි මහතා පෙන්වා දෙන්නේ විවිධ කාරණා හා රටේ පවතින තත්ත්වයන් ඉදිරියට දමමින් අදාල වරප්‍රසාධ ලබාදීම ආණ්ඩුව ප්‍රමාද කරමින් සිටින බවයි.

රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ට ජීවත්වීමට සරිලන දීමනාවක් ලබාදීමට පියවර ගන්නා ලෙසද ඔහු රජයට බලකර සිටිනවා. මේ තත්ත්වයන් මත පදනම්ව ඉදිරියේ දැවැන්ත අරගලයක් වෙත අවතීර්ණ වන බවයි සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කළේ.

← Back to All Posts